English
සිංහල
04:01 ඉරිදා, මැයි 24, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මහා විහාර සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත් කරනවා.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • අභිමානවත් ශිෂ්ටාචාරයකට හා ඉතිහාසයකට උරුමකම් කියන අප එය රටේ ඉදිරි ගමනට දායක කර ගත යුතුයි.
    • අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකෙන සහ ඊට ආවේණික නව නීති පද්ධතියක් – ජනපති.

    මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පුජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාලවල විශේෂඥ කණ්ඩායමක්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහා විහාර සංවර්ධන සැලැස්ම සහ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ අනුරාධපුර බෝමළු විහාරයේ ඊයේ (23) පස්වරුවේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

    නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

    ලෝකයේ රටවල් අද තම අතීත ශිෂ්ටාචාරය ඉස්මතු කරමින් ඉදිරියට යන විට අභිමානවත් ශිෂ්ටාචාරයකට සහ ඉතිහාසයකට හිමිකම් කියන අප ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම කණගාටුදායක බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    මහා විහාර සංකීර්ණයේ සීමාවන් හඳුනා ගැනීම සහ කැණීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ නිලධාරීන්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා මහා විහාරයේ කැණීම් කටයුතුවල හා අනුරාධපුර පුජා භූමි සංවර්ධන කටයුතුවල යොදවා ඇති පුරාවිද්‍යා නිලධාරීන්ගේ සංඛ්‍යාව, එම සංයුතිය සහ වෙන්කර ඇති ප්‍රතිපාදන පිළිබඳව ද විමසා බැලීය.

    එම කටයුතු පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත්, අඩු පාඩු කඩිනමින් නිවැරදි කර ගනිමින් මහා විහාර සංවර්ධන සැලැස්ම විධිමත්ව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    එසේම අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීමට ඊට ආවේණික නව නීති පද්ධතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය:

    අප සියලු දෙනා එකට වාඩි වී මේ පිළිබඳ සාකච්ඡා කළ යුතු නිසා සෙනසුරාදා දිනයේදී මෙම සාකච්ඡාව කැඳවීම පිළිබඳ මම පළමුව සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා. අපේ උරුමයන් ලෙස සීගිරිය සහ අනුරාධපුරය සැලකිය හැකියි. සීගිරිය අපේ දක්ෂතාවක් වන අතර, අපගේ ශිෂ්ටාචාරය තිබෙන්නේ මෙම අනුරාධපුර නගරය තුළයි. මහා විහාරය එහි ප්‍රමුඛත්වයක් ගනු ලබනවා. මහා විහාරය තමයි පාලි ධර්මයේ මූලස්ථානය. මෙවර මාගේ ඉන්දියානු සංචාරයේදී මෝදි අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වුයේ ත්‍රිපිටකයේ ඉංග්‍රීසි පිටපතක්.

    මේ මහා විහාර සංවර්ධන සැලැස්ම මුල් කරගෙන අනුරාධපුර පූජා භූමියේ අනෙකුත් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන කටයුතු ආරම්භ වූයේ 1947 බණ්ඩාරනායක මැතිතුමාගේ සමයේදියි. නමුත් අද වන තෙක් මෙය සාර්ථකව අවසන් කිරීමට අප සමත්වී නැහැ.

    නමුත් ඉන්දියාව නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් ආරම්භ කළේ 90 දශකයේදීයි. අද නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රධාන ස්ථානයක් ලෙස ගොඩනඟා තිබෙනවා. රටවල් ගණනාවක් ඊට දායක වුණා. මුස්ලිම් රටක් වූ පාකිස්ථානයත් තක්ෂිලාව එලෙස ගොඩනැඟුවා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වුවත් මහා විහාරයේ වැඩකටයුතු අවසන් කිරීමට අපට හැකි වී නැහැ. අප කවුරුත් ඒ පිළිබඳව ලැජ්ජා විය යුතුයි.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මට ලිපි එවනවා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර දෙන්න කියලා. අපි ඒ සඳහා සූදානම්. නමුත් මෙම මහා විහාරයේ මූලික වැඩකටයුතු අප මතක තබා ගත යුතුයි. නව නගරයක් ඉදිකිරීම ඕනෑම අවස්ථාවක කළ හැකියි. එහි ගැටලුවක් නැහැ. නමුත් මේ මහා විහාරයේ කැණීම් කටයුතු මූලික කර ගෙන අප ඉදිරියට යා යුතුයි. අටමස්ථානයේ මහා සංඝරත්නය අනුශාසනා මත මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.

    අනුරාධපුරයට බලපාන පරිදි නව නීතියක් සකස් කළ යුතුයි. ඒ වගේම අදාළ නිලධාරීන් සමඟ මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යෑමට කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරනවා. දෙපාර්තමේන්තු, සංස්ථා තිබුණත් මෙම කටයුත්ත භාරව එක් පරිපාලන නිලධාරියෙක් නැහැ. ඒ පිළිබඳවද අපේ අවධානය යොමු විය යුතුයි.

    මෙම ව්‍යාපෘතිය අපි දැන් ආරම්භ කළොත් ඉදිරි වසර 10දී යම් ප්‍රගතියක් අත්පත් කර ගන්න පුළුවන් වුවත්, මෙය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අඩුම තරමින් වසර 25ක්වත් ගත වෙනවා. මෙම කටයුතු ආරම්භ කළ විට ශ්‍රී ලංකාව පුරාවිද්‍යා කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙනවා. එවිට මේ ගැන සොයා බලන්න අනිත් අය ඉදිරිපත් වෙනවා.

    ඒ වගේම සිංහල ශිෂ්ඨාචාරය ආරම්භ වූයේ මල්වතු ඔයෙන්. මල්වතු ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ඊළඟ වසර දෙක තුළ මේ මහා විහාරයේ කැණිම් සිදු කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය නම් විශ්‍රාම ගිය පුරාවිද්‍යා නිලධාරීන් සම්බන්ධ කර ගන්න පුළුවන්. මේවා එකිනෙකට සම්බන්ධ ව්‍යපෘති. ඒ අනුව අප ඉදිරියට යා යුතුයි.

    සේනක බණ්ඩාරනායක, රෝලන්ඩ් සිල්වා, ශිරාන් දැරණියගල යන කිහිප දෙනෙකු සමඟ අප සාර්ථකව සීගිරිය ව්‍යාපෘතිය නිම කර තිබෙනවා. අප එලෙස අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කළ යුතුයි. පැරිස් නුවරට ගිය අවස්ථාවේ මම ඒ පිළිබඳව යුනෙස්කෝ සංවිධානය සමඟ ද සාකච්ඡා කළා.

    ඒ වගේම රජරට විශ්වවිද්‍යාලය මීට සම්බන්ධ කළ හැකියි. සංචාරකයන් දින කිහිපයක් මෙහි රඳවාගත හැකි අයුරින් මෙම ප්‍රදේශය දියුණු කළ යුතුයි. ඒ නිසා මෙම වැඩසටහනට ප්‍රමුඛත්වය ලබාදී ඉදිරියට ගෙන යා යුතුයි. මෙය ආරම්භ කළ විට එම කටයුතු ඉදිරියට ගෙන යෑමට ජාත්‍යන්තරයේ සහාය අපට ලැබෙනවා.

    අනුරාධපුරය ඓතිහාසික නගරයක්. අනිත් රටවල් තම රටවල අතීතය ඉදිරියට ගෙන එනවා. අපි ඒ පිළිබඳව අවධානය යොමු කරලා නැහැ. අද දිඹුලාගල කැණිම් කටයුතු සිදු කළා නම් තායිලන්තයෙන්, කාම්බෝජියාවෙන්, වියට්නාමයෙන්, ලාඕසයෙන් සංචාරකයන් එනවා එම ස්ථානය නරඹන්න. දැන් අප මුලින්ම අනුරාධපුර වැඩකටයුතු නිමා කරමු.

    අපේ ඉතිහාසය හා ශිෂ්ටාචාරය පිළිබඳ අප ආඩම්බර විය යුතුයි. අපිට අපේ ඉතිහාසය ලෝකයට ප්‍රදර්ශනය කරන්න අවශ්‍යයි. එනිසා අපේ උරුමය දියුණු කර ගත්තොත් අපට සංචාරක ව්‍යාපාරයෙන් ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වෙනවා.

    මෙහි රජරට ශිෂ්ටාචාරය කියලා වෙනම ප්‍රදර්ශනාගාරයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳවත් වෙනම ස්ථානයක් ඇති කළ යුතුයි. ඉන්දීය අගමැතිවරයා මා සමඟ කුසිනාරාව, සාංචි නිර්මාණය කළ ආකාරය පිළිබඳව සාකච්ඡා කළා. බෞද්ධ සංචාරකයන් ගෙන්වා ගැනීමට හින්දු රටේ එවැනි ස්ථාන ඉදිකර තිබෙනවා. නමුත් අපි අද එහෙම තත්ත්වයකට පත්වෙලා නැහැ.

    ඒ වගේම මහ විහාර විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට දැන් අප සාකච්ඡා කරමින් සිටිනවා. පැරණි පිරිවෙන් අධ්‍යාපනය අනුව ගැඹුරු ලෙස එම කටයුතු පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ස්ථානයක් හඳුනාගත යුතුව තිබෙනවා. මෙම කටයුතු මඟින් ඓතිහාසික අනුරාධපුර පුරවරයට විශේෂ අවධානයක් ලැබෙනවා. ‍

    නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ:

    අනුරාධපුරය කියන්නේ කෙබඳු තැනක්ද කියා හඳුනාගත් නායකයෙක් හැටියට ඔබතුමා මහා විහාරය නැවත ස්ථාපිත කිරීමට ගන්නා උත්සාහය මහා සංඝරත්නයේ ආශීර්වාදයට පත් වෙනවා. ඒ වගේම ඉතිහාසයේ පැවැති ජාත්‍යන්තර සබඳතා අනුරූපව ථේරවාද බෞද්ධ කේන්ද්‍රස්ථානයක් ලෙසින් ලෝකයේ අනෙකුත් රටවල් සමඟ බෞද්ධ දර්ශනය හුවමාරු ගැනීමටත් ඔබතුමා බලාපොරොත්තු වීම ගැන අපගේ ප්‍රසාදය පළ කර සිටිනවා.

    1948 දී බණ්ඩාරනයක මැතිතුමා අනුරාධපුර පූජා භූමිය ගැසට් කරලා සංවර්ධනය කළා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මධ්‍යම සංස්කෘතික අරමුදල සමඟ එක්ව ජේතවනාරමය හා අභයගිරිය විහාර පිළිසකර කිරීමට කටයුතු කළා. නමුත් අටමස්ථානයේ තවත් විහාර සංකීර්ණ පිළිබඳව කාගේවත් අවධානය මෙතෙක් යොමු වෙලා නෑ.

    අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම තුළ ලංකාරාමය පිළිබඳ අවධානයක් යොමු වී නැති බව පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා මම භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවටත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හා මධ්‍යම සංස්කෘතික අරමුදලට මතක් කරනවා සති දෙකක පමණ කාලයක් තුළ ලංකාරාම සංවර්ධනයට නිසි සැලසුමක් සකස් කර අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්මට ඇතුළත් කරන ලෙසට. එසේ නොවුණහොත් මෙම අනුරාධපුර පූජාභුමි සංවර්ධන සැලැස්ම මූලික වශයෙන්ම අසාර්ථකත්වයට පත් වෙනවා.

    ඒ වගේම රුවන්වැලි සෑය ගැන කතා කරන විට, මහා විහාර පිරිවෙන තිබෙන භූමිය මඟ හැරුණා. එම භූමියත් මේ පරිශ්‍රයටම අදාළ භූමියක්. එබඳු මඟහැරුණු තැන සකස් කර මීට වඩා පුළුල් සැලසුමක් සකස් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

    ඒ වගේම මේ අනුරාධපුර පූජා භූමිය අනාගතය සඳහා ආරක්ෂා කර ගැනීමට සුදුසු, මේ බිමට ආවේණික නීති රීති පද්ධතියක් සකස් කර ගැසට් කළ හැකි නම් එය ඉතා ජාතික වැදගත්කමක් ඇති කාර්යයක් ලෙස මම දකිනවා.

    ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා ලංකාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමිපාණන් වහන්සේ

    ජනාධිපතිතුමා ජනාධිපති පදවියට පත්ව වසරක් සම්පූර්ණ වන මේ මොහොතේ මහා විහාරයට සම්ප්‍රාප්ත වීම පිළිබඳව මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනමනවා. ජනාධිපතිතුමා 2001 වසරේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කර, අග්‍රාමාත්‍ය ධූරයට පත්ව ජය ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කිරීමට පැමිණි අවස්ථාවේ, අපවත්වී වදාළ අපේ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමිපාණන් වහන්සේ යෝජනාවක් ගෙනාවා.

    ඒ යෝජනාව තමයි දෙවැනි රන්වැට ප්‍රතිසංස්කරණය කරගත යුතුයි යන යෝජනාව. එම යෝජනාව අපේ අටමස්ථානාධිපති හිමියන්ගේ පමණක් නොවෙයි, එවකට රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරීව වැඩ සිටි වර්තමාන අටමස්ථානාධිපති හිමිපාණන් වහන්සේගේ ද අදහසක් වුණා.

    ඒ අවස්ථාවේ අපේ වත්මන් ජනාධිපතිතුමා එවකට අගමැතිතුමා ප්‍රකාශ කළේ, හාමුදුරුවනේ මේ සඳහා කමිටුවක් පත් කරගන්න කියලා. ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන කමිටුව කියලා නම තැබුවෙත් එතුමා. දක්ෂ නිලධාරියෙක් වූ එවකට අග්‍රාමාත්‍ය ලේකම් කේ. එච්.ජේ. විජේදාස මහත්මයාගේ සභාපතිත්වයෙන් 2002 වසරේදී ඒ අනුව එම වැඩ කටයුතු ආරම්භ කළා. එම වසරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැස්වීමක් පැවැත්වූවා. ඒ අවස්ථාවලදීත් ජනාධිපතිතුමා නිතරම ප්‍රකාශ කළේ මහා විහාරය සංවර්ධනය කළ යුතුයි කියන කාරණය පිළිබඳවයි. අද එතුමා ජනාධිපතිවරයා ලෙස මේ මහා විහාරයට පැමිණ මහා විහාරය දියුණු කිරීම පිළිබඳ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම පිළිබඳව මා එතුමාට පුණ්‍යානුමෝදනා කරනවා.

    මහා විහාර සංවර්ධන සැලැස්මට අනුව යෝජිත කටයුතු සිදු කිරීමට වසර දෙකක කාලයක් ගත වන බවත් ඒ සඳහා රුපියල් මිලියන 555ක මුදලක් වියදම් වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරල් ප්‍රදීපා සේරසිංහ මහත්මිය මෙහිදී සඳහන් කළාය.

    මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා විහාර සංකීර්ණයට අදාළ සිද්ධස්ථාන කිහිපයක් නිරීක්ෂණය කිරීමට ද එක්විය. පළමුවෙන්ම ජනාධිපතිවරයා දක්ෂිණ ස්ථූපය වෙත ගොස් එහි නිරීක්ෂණය කළ අතර, අනතුරුව ථූපාරාම විහාර සංකීර්ණයේ සිදු කෙරෙමින් පවතින කැණීම් කටයුතු ද නිරීක්ෂණය කළේය.

    රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණ වැව ඤාණතිලක හිමිපාණන් වහන්සේ, අභයගිරි චෛත්‍යාරාමාධිකාරීආචාර්ය පූජ්‍ය කලංචියේ රතනසිරි හිමිපාණන් වහන්සේ, ථූපාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කහල්ලේ ඤාණින්ද හිමිපාණන් වහන්සේ, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වැලිහේනේ සෝභිත හිමිපාණන් වහන්සේ, අභයගිරි ව්‍යාපතියේ පූජ්‍ය ගොඩාමුණේ පඤ්ඤාසීහ හිමිපාණන් වහන්සේ ඇතුළු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.බී.ටි. හේරත්, නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී. සී. ජයලාල්, ජනාධිපති අතිරේක ලේකම් කමල් පුෂ්පකුමාර, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ජේ. කේ. ජයසුන්දර යන මහත්වරු සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්, ඉඩම් කොමසාරිස් ජනරාල් , වන සංරක්ෂණ ජනරාල් , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් , උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස්, මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම්, නාගරික සංවර්ධන අධිකාරියේ අධිකාරිය පළාත් අධ්‍යක්ෂ, පූජා භූමි සංවර්ධන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version