ශ්‍රී ලංකාවේ පවතින බදු අර්බුදයට ඩොලර් හිඟය හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්ම්ක පෙරේරා මහතා හම්බන්තොට මිද්දෙණිය ප්‍රදේශයේ ඊයේ (14) පැවැත්වුණු උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආනයනය සැලකිය යුතු වශයෙන් අඩු වී ඇති බව හා එමඟින් රේගු තීරු බදු හරහා උපයන ආදායමට සෘජුවවම බලපාන බවයි.
එමෙන්ම රේගු ගාස්තු හා තීරු බදුවලින් අහිමි වන මුදල් උපයා ගැනීමට වෙනත් බදු වැඩි කරන බවත් , ඩොලර් හිඟකම මෙහි මූලික ගැටලුව බවත් , ඩොලර් උපයා ගැනීමට වෙනත් කිසිඳු ක්‍රමයක් නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ.














































