කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලංකාවේ ජේ.ජයසිංහ නම් පුද්ගලයෙක් ලොතරැයි දිනුම් ඇදීමකින් ඩොලර් මිලියන 35ක මුදලක් හිමි කර ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.
ඔන්ටාරියෝ ලොතරැයි සහ ක්‍රිඩා සංස්ථාව (OLG) විසින් ජූනි 6 දින සිදුකළ දිනුම් ඇදීමෙන් ඉහළම Lotto Max ත්‍යාගය හිමි කර ගනිමින් ඔහු මෙම ජය්‍රහණයට හිමිකම් කියනු ලබන බව සදහන්.
ජයසිංහ සහ ඔහුගේ බිරිඳ සිය ජය්‍රහණය පිළිබඳව දැනගෙන ඇත්තේ දිනුම්පත් ඇද දිනකට පසුව වන අතර මෙම ජයග්‍රාහී මුදල සිය නිවස සාදා ගැනීමටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා යොදා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














































