කාන්තාවන්ගේ සම පැහැපත් කරන , පාකිස්ථානයෙන් ආනයනය කරන ලද අලේපන ක්‍රීම් වර්ග යැයි පවසා මෙරට නිෂ්පාදනය කරන ලද ප්‍රමිතියෙන් තොර ආලේපන ක්‍රීම් වර්ග ඇසුරුම් කරන කොටහේන එල්.බී.පෙරේරා මාවතේ ස්ථානයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ හදිසි වැටලීම් ඒකකය විසින් වැටලූ බව වාර්තා වේ.
මෙම වැටලීම සිඳු කරන අවස්ථාවේ සේවිකාවන් පිරිසක් ක්‍රීම් වර්ග ඇසුරුම් කරමින් සිට තිබේ.
මෙසේ වැටලීම් සිඳු කළ ස්ථානයේ තිබූ ක්‍රීම් වර්ගවලට මුද්‍රා තබා ඇති අතර එහි හිම්කාරිය සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට අවශ්‍ය සියලු කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.














































