ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අවිස්සාවේල්ලේ ඩිපෝවට අයත් NC – 1152 අංක දරන කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරන ලද බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ලව තිබේ.
අද උදෑසන 4.40 ට පමණ ඕපනායක ඇල්ලේපොල ප්‍රදේශයේදී මෙය සිදුව තිබේ. මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ බළංගොඩ ඩිපෝවේ වැඩකරන පුද්ගලයෙක් බවත්, එයට හේතුව කාල සටහන් ප්‍රශ්නයක් බවත් සඳහන් වේ.
මහජනතාව වෙනුවෙන් දැවැන්ත සේවයක් කරන, මහජනතාවට අයත් එකම මගී ප්‍රවාහන බස් සේවය මෙයයි. ලංගමට අයත් රියදුරන් සහ කොන්දොස්තරවරුන් මෙන්ම සේවකයන් අති බහුතරයක් විවිධ දේශපාලන පක්ෂවලින් සේවයට ගත් පුද්ගලයන් වේ. ඔවුන්ට රාජ්‍ය සේවය ගැන කිසිම දැනුමක් නොමැති අතර, ආණ්ඩුමාරුවන විට ඩිපෝ පාලනයන්ද මාරු වේ. එවන් පසුබිමක් තුල ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් ද කිසිම විනයක් නොමැති බව අපද පසු ගිය දිනෙක වාර්තා කලේය.
ඒ වෙනුවෙන් අප වීඩියෝවක්ද පළකරන ලදී. එම වීඩියෝව පහතින් බලන්න














































