කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සබන් සොරකම් කළ තොග ගබඩා සේවකයෙකු කොස්මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට සැකකරු විසින් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුතු සබන් තොගයක් සොරාගෙන තිබේ .
මෙලෙස සොරාගත් සබන් විවිධ ස්ථානවලට විකුණා ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර ඒවා සොයා කොස්මෝදර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකාර සේවකයා අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .














































