පසුගිය 01 වනදින ගල්කිස්ස ප්‍රදේශයේ වෙළඳසැලක් කොල්ල කෑමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු ඊයේ (13) මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරු එම සොර බඩු සන්තකයේ තබා ගැනීම සහ අලෙවි කිරීම සිදු කර ඇති අතර මොහු සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 500 ක් , රන් පෙන්ඩන්ට් 02ක් සහ උණු කරන ලද රන් කැබලි 03ක් තිබී ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර , ඉබ්බගෙවත්ත ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙකි.
සැකකරු අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














































