ඉන්දියාවේ 8 ශ්‍රේණියේ සිසුවෙකු ඔහුගේ ඥාතියෙකු විසින් සැලූනයකට කැඳවාගෙන ගොස් සිසුවාගේ කොණ්ඩය කොටටම කපා ඇති අතර ඉන් කෝපයට සහ සිත් තැවුලට පත් සිසුවා ඔවුන් පදිංචිව සිටි භයන්දර් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ 16 වැනි මහලේ නාන කාමරයේ ජනේලයෙන් බිමට පැන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සියදිවි හානි කරගත් සිසුවා ලේ විලක් මැද වැටී සිටියදී සොයා ගෙන ඇති අතර ඒ වන විටත් සිසුවා ජීවිතක්ෂයට පත්ව සිටි බව පරීෂණ පවත්වනු ලැබූ පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නවගාර් පොලීසිය වැඩි දුර විමර්ශන පවත්වන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.















































