පසුගිය 13 වන දා රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි කැබ් රථයේ නිලධාරීන් හට මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථන 13ක් සහිත පාර්සලයක් අහුලා ලබා දී ඇති අතර එම පාර්සලය පොලිස් පොතේ සටහන් නොකර සහ එය පොලිස්ථානයට ඉදිරිපත් නොකර තමා සන්තකයේ තබා ගත් පෑලියගොඩ පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගත් බව වාර්තා වේ.














































