රට තුල මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක සහල් අතිරික්තයක් පවතින බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පසුගිය මහ කන්නයේ සහ මෙවර යල කන්නයේ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 52ක් පමණ වන අතර,ඉන් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 31කි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ වන අතර ඒ අනුව මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.














































