පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ සැකකරුවකු යතුරුපැදියක් සමග වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
සැකකරු විසින් මත්ද්‍රවය තොගය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි සදහන් වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 14 ක් පමණ වන තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව පොලිසිය සදහන් කොට තිබේ.
තවද සැකකරු සන්තකයේ තිබී විද්‍යුත් තරාදියක් සහ ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් පහළොස් ලක්ෂ හතළිස් දහසක මුදලක්, ජංගම දුරකථන පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් හට ලද තොරතුරකට අනුව එම කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.














































