පාසල් නඩත්තුව සදහා ප්‍රමාණවත් මුදල් ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 24 වනදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරන බවට ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එහි සම කැදවුම්කරු ජෝසප් ස්ටාලින් කියා සිටියේ වෘත්තීය සමිති 30ක් ඒකාබද්ධ කරගනිමින් මෙම විරෝධතාව සංවිධාන කර ඇති බවයි.













































