ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙක් ස්ථාන මාරුකර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
වයඹ, උතුරු මැද, ඌව සහ දකුණ යන පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වන ලලිත් පතිනායක ,රාජිත ශ්‍රී දමින්ද, අජිත් රෝහණ සහ සජීව මැදවත්ත යන මහත්වරු මෙසේ ස්ථාන මාරු කර ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා සිංහල අලුත් අවුරුද්දට පෙර එම නිලධාරින් නව සේවා ස්ථානවලට අනියුක්ත වනු ඇති බවද සදහන් කර තිබේ.














































