එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව ලබන පෙබරවාරි මාසයේ ලංකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් , මෙම සමුළුව ලංකාවේ පැවැත්වීමේදී රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙම සමුළුව සඳහා රටවල් 44ක නියෝජිතයින් 2000කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය හා පසුව මෙරටට බලපෑ ආර්ථික අර්බුදය සහිත කාලයේ රටවල් විශාල ප්‍රමාණයක නියෝජිතයන් සහභාගී වන අන්තර්ජාතික සමුළුවක් මෙරටදී පවත්වා නැති බැවින් මෙම සමුළුව ඉහළින් පැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසටයි.













































