කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ
එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ එම නිවේදනය අද (09) රාත්‍රී 11.30 තෙක් වලංගු බවයි.
අදාල නිවේදනයට අනුව උතුරු,උතුරුමැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දන්වා සිටී.
ඒ අනුව ජනතාවට විමසිලිමත්ව පසුවන ලෙසට දැනුම්දී තිබේ.














































