පවතින බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අනාගතයේදී මෙරට රෝහල් පද්ධතිය සහ බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් කඩා වැටීමේ අවදානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
වෘත්තීකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක් ඊයේ (28) පැවැත්වුණි.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා එම අදහස් පළ කර තිබේ.













































