මස්කෙළිය ග්ලැන්ටිල් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හය දෙනකු තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙම පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදී හදිසියේම එම වතුයායේ බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එහි සිටි බඹරුන් මෙම පිරිසට පහර දීමත් සමග මෙම හය දෙනා මෙසේ රෝහල් ගත කර තිබේ.
මේ පිළිබඳව සිදු කරන ලද විමසීමකදි අදහස් දැක්වූ මස්කෙළිය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු කාන්තාවන් හය දෙනකු රෝහල් ගත කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.














































