ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති බව වාර්තා වේ.
එම නිවේදනය අද (10) රාත්‍රී 11.30 වන තෙක් බලපැවැත්වෙන බව සදහන්.
ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, කෑගල්ල, වව්නියා, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළංද ඇති විය හැකි බව සදහන්.














































