රජයේ නීතීඥවරියකට පිහි පහරක් එල්ල කළ හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකාර හමුදා සෙබළා අදාළ නීතීඥවරිය සමඟ අනියම් ඇසුරක් පවත්වා තිබූ අතර ඇය කලක පටන් මෙම සබඳතාව මඟහැර තිබේ.ඊට උරණ වීමෙන් මෙම පහර දීම සිදු වී ඇති බව සඳහන්.අදාළ නීතීඥවරිය වැඩ නිමවා සිය නිවස කරා එමින් සිටියදී මෙම පහර දීම සිදු කර ඇති අතර ඇයගේ අතට සහ පිට ප්‍රදේශයට පහර දීම සිදු කර ඇත.
පහර දීමෙන් තුවාල ලැබූ නීතීඥවරිය ප්‍රතිකාර සඳහා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක් බව සඳහන් වේ.














































