ඊයේ (07) දින දිවිතුරවත්ත ඇත්කදුර ප්‍රදේශයේදී ගල් දෙබෝක්කාවකින් තරුණයකුගේ මල සිරුරක් සොයා ගෙන ඇති බව වාර්තාවේ.
මිය ගොස් ඇත්තේ 21 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි අවිවාහක තරුණයෙකු බව පොලිසිය ප්‍රකාශකොට තිබේ.
මිය ගිය තරුණයා පසුගිය 05 වනදා දින සිට නිවසේ නොසිටි බව බාල සොයුරා සදහන් කර ඇති අතර එදින අවසන්වරට මිතරකු සමග නිවසින් පිටව ගිය බවයි ඔහු සදහන් කර ඇත්තේ.
ඒ බව ඔහු විසින් පොලිසියට පැමිණිලි කර තිබෙන අතර පොලිසිය සදහන් කර ඇත්තේ මෙම මරණය අභිරහසක් බවයි.
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි














































