හලාවත දැදුරු ඔයේ දිය නාමින් සිටි තරුණයෙකු ඊයෙ (05) දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මෙම තරුණයා විනෝද චාරිකාවක් ගොස් නැවත නිවෙස කරා පැමිණෙන අතරතුර දැදුරු ඔය පාලම අසලින් බැස දිය නාමින් සිටිය දී දියේ ගිලී තිබේ. දියේ ගිලීමෙන් බරපතළ තත්ත්වයෙන් පසු වූ තරුණයා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව සඳහන්.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර විජය මාවතේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.














































