ඊයේ (12) දින පොලොන්නරුව සුවසෙතගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී අමානුෂික ලෙස තරුණයකු ඝාතනය කොට ඇති බව වාර්තාවේ.
පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා පොළොන්නරුව රෝහලට ඇතුලත් කොට ඇති අතර ඔහු ඒවනවිටත් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ සුවසෙත ගම ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු වේ.
මිය ගිය තරුණයා අසල්වැසියකු සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අසල්වැසියා විසින් මෙම තරුණයාහට තියුණු ආයුධයකින් පහර දී ඇති බව සදහන්වේ.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කොට තිබේ.














































