කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැටලීමක් සිදු කිරීමේදී කැලණි ගගට පැන්න තරුණයෙකුගේ සිරුර සොයා පොලිසිය විමර්ශන සිදු කරන බවට වාර්තා වේ.
පසුගිය (17) වැනිදා වැල්ලම්පිටිය පොලිස් වසමේ සිදු කළ වැටලීමක් අතරතුර මෙම තරුණයා කළු පාලම මතින් දිව යාමේදී කළු ගගට පැනීමක් හෝ වැටීමක් සිදුව ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මෙම තරුණයා ලක්විරු සෙවණ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක තරුණයෙකු බවට සදහන්.














































