ගවයන් අතර පැතිර ගිය සමේ ගැටිති රෝගයට නිසි ඖෂධයක් නොමැති වීම හේතුවෙන් තම ගවයන් විශාල වශයෙන් මියයන බවට පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජනතාව චෝදනා නගන බවට වාර්තා වේ.
දැනට මාසයකට පමණ ඉහතදී පොළොන්නරුව ප්‍රදේශයෙන් සුළු වශයෙන් වාර්තා වූ මෙම රෝගය මේ වන විට පල්ලියගොඩැල්ල ,පඹුරාන ,අහමඩ්පුර
ආදී ප්‍රදේශවලින් වාර්තා වන බව සදහන් .
මෙම තත්ත්වය මගහරවා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.















































