මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ දී අද (11) අලුයම එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයකින් පියෙකු සහ දියණියක තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පියා සහ දියණිය යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම ඇසීඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සදහන්.
සිද්ධියෙන් තුවාල ලැබූ පියා කොළඹ අක්ෂි රෝහලේ ද, දියණිය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ද ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වේ.














































