ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 50 වැනි ව්‍යවස්ථාවෙන් ගරු ජනාධිපතිතුමා හට පැවරී ඇති බලතල ප්‍රකාරව , ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදෙස් සංචාරය අතරතුර මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම සඳහා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා දිවුරුම් දුන් බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදෙස් සංචාරයෙන් අනතුරුව දිවයිනට පැමිණෙන තෙක් 2023.05.04 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් , ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් සිඳු කරන බව සඳහන්.
මෙම පත්කිරීමට අදාළ අක්ත පත්‍රය ඊයේ (03) රාජ්‍ය අමාත්‍යවරයා හට නිල වශයෙන් ලබා දී තිබේ.













































