සිරියාවේ ප්‍රදේශ කිහිපයකට අමෙරිකානු හමුදා විසින් ඊයේ (23) රාත්‍රියේ ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
එම ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉරානයේ සහාය ලබන සටන් කණ්ඩායම් එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු කුලී භටයෙක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලැබීමෙන් පසුවයි.















































