දේශීය මත්පැන් අලෙවිය 30%කින් පමණ පහළ ගොස් ඇති නිසා මත්පැන් නිශ්පාදනයට සම්බන්ධ සමහර සමාගම් සති දෙකක් තුනක් පමණ වසා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
එමෙන්ම ඇතැම් නිශ්පාදන සමාගම් විසින් නිශ්පාදනය කර ඇති බියර් කල් ඉකුත් වීමට ආසන්නව තිබියදීත් ගබඩාවල දමා ඇති බවත් ඒ හේතුවෙන් දේශීය මත්පැන් අලෙවිය පහතට වැටී අති බවත් සුරාබ්දු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.එමෙන්ම දේශීය මත්පැන් අපනයනය වැඩි කිරීමටත් මේ වන විට අපනයන ආදයමෙන් වාර්ෂිකව ලබන ආදායම බිලියන 30ත් 35 ත් දක්වා වැඩි කර ගැනීමටත් වැඩි අවධානයක් යොමු කරන බව එතුමා වැඩි දුරටත් සදහන් කරන ලදී.
එමෙන්ම මේ වන විට එතනෝල් මිලද පහළ ගොස් ඇති බව සුරාබදු කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.ජනතාව මත්පැන් මිලදී ගැනීම ද අඩු ප්‍රතිශතයක් දක්වන බව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කරයි.














































