ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ශ්‍රී ලංකාවට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් හා අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා, සළිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු යන සැකකරුවන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර හිමිව ඇති බව වාර්තාවේ.
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ඉන්දියාවේ මුම්බායි හි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඊයේ (15) දින පෙරවරුවේ පෙරවරු 7.10 ලංකාවට රැගෙන එන ලදී.
ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් තොටුපොළ තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදවා රැගෙන ආ බව සදහන් වේ.
එහිදී සැකකරුවන් වෙන් වෙන්ව ආරක්ෂක අංශවලට අයත් වෑන් රථ දෙකක් තුළට ඇතුළු කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබේ.
මෙවන් පසුබිමක කුඩු සළිඳුගේ මව විසින් අත්අඩංගුවේ පසු වන තම පුත්‍රයා ගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන මෙන් ගොනුකළ රිට් පෙත්සමක් ඊයේ (15) දින අභියාචනාධිකරණය හමුවේ කැදවා ඇත.
එමෙන්ම සැකකරුගේ මව විසින් ඉල්ලා ඇත්තේ මොන යම් හෝ විමර්ශන කටයුත්තක් සඳහා අත්අඩංගුවෙන් පිටතට ඔහුන් රැගෙන යන්නේ නම් මහේස්ත්‍රාත් වරයකුට දැනුම් දී මහේස්ත්‍රාත්වරයාගේ සුපරීක්ෂණය යටතේ එම විමර්ශන කටයුතු සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි. එලෙස පිටතට රැගෙන යන අවස්ථාවලදී සැකකරුගේ අත්, පා වලට විලංගුලා දා රැගෙන යන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා ඇති බව සදහන් වේ.














































