අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක් ඉදිරිපිටදී පුද්ගලයකුට වෙඩි තබා තුවාල කළ බව කියන සිද්ධියේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා යතුරු පැදිය පදවාගෙන ආ පුද්ගලයා බවට පොලිසිය සඳහන් කර තිබේ.
පසුගිය 31 වෙනි දින සිදු කළ එම වෙඩි තැබීමෙන් පාසලේ සිටින දරුවා රැගෙන යාමට ආ පියෙකු තුවාල ලබා රෝහල් ගත කෙරූ බව සදහන්.
තුවාලකරු දැනට රෝහලේ ප්‍රතිකාර ලබයි.














































