ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ළමා ඒකකයේ ඉන්කියුවේටර් යන්ත්‍ර 11න් 7ක් අක්‍රීය වීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවට වාර්තා වේ.
රෝහලේ නොමේරු ළදරු ඒකකයේ කටයුතු දැඩි ලෙස අක්‍රීය වීමෙන් ප්‍රමාණවත් සේවයක් ලබා දීමට නොහැකි වීමෙන් විශාල ජන කොට්ඨාසයක් අපහසුතාවලට ලක්ව තිබේ.
එබැවින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ළමා රෝග විශේෂඥ
වෛද්‍ය අමිල ද සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම්න් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි.














































