පවතින තත්ත්වය හමුවේ ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීම ජාතික අවශ්‍යතාවක් නොවන බව පාකිස්තානයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එරට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණය පැවැත්වීමට නියම කර තිබියදීත් පවතින ආරක්ෂක තත්ත්වය සහ ආර්ථික ව්‍යාකූලත්වය මධ්‍යයේ ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීම ජාතික අවශ්‍යතාවයක් නොවන බවට මුදල් අමාත්‍යවරයා සිදුකර ඇති කතාබහ පිළිබඳව විශාල කතාබහක් ඇතිවී තිබේ.
දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මෙමගින් ව්‍යස්ථානුකූල අර්බුදයක් පවා වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බවය.














































