මෙතෙක් පැවති 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කර යෝජිත සංශෝධන කෙටුම්පත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
තිරසාර ආර්ථික වර්ධනයට සහාය වන ගතික සහ ඔරොත්තු දීමේ හැකියාවක් සහිත බැංකු අංශයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මෙම පනත සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව ඇති බව සදහන්.
රටේ ආර්ථික වර්ධනයට බාධාවක් නොවන ආකාරයෙන් බැංකු අංශය ඉදිරියට ගෙන යාම පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් ,ආර්ථික ,ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මේ වන විට හදුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් බැංකු පනත සංශෝධනය කිරීම සදහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දී තිබේ.













































