කල්මුණේ ප්‍රදේශවාසීන් විසින් අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාව පැය 2කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිරකර තබාගෙන සිට ඇති බව වාර්තා වේ.
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා අද පෙරවරුවේ ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා කල්මුණේ උතුර ප්‍රාදේශිය උප ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානය වටලා ඇති බව සදහන්.
එහිදී මෙලෙස පැය දෙකකට ආසන්න කාලයක් දිස්ත්‍රික් ලේකම්වරයා එම කාර්යාලයේ සිරවී සිට ඇත.
ප්‍රදේශයේ ජනතාවට සම්පත් බෙදීයෑම අසාධාරණ බවට චෝදනා කරමින් මෙලෙස එම මහතාව සිරිකර තබාගෙන ඇති බව සදහන්.
කෙසේවෙතත් පසුව මෙම ගැටලුවට විසදුමක් ලබාදෙන බවට දිසාපතිවරයා පොරොන්දු වීමත් සමග ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.














































