සිය විවාහ මංගල උත්සවයකට සූදානම් වෙමින් සිටි මනමාලියකට ඇයගේ පරණ පෙම්වතා විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ පුවතක් වාර්තා වේ.
වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ චාරිත්‍රානුකූලව උත්කර්ෂවත් ලෙස ගාල්ල ප්‍රදේශයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු මනමාලියගේ නිවසේ සංවිධානය කරන අවස්ථාවේ අද (27) අලුයම 3 .00 ට පමණ ඇයගේ නිවසට පැමිණි පුද්ගලයෙකු මනමාලිට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබේ.
මින් බරපතල තුවාල ලැබූ තරුණිය ඉක්මනින් රෝහල්ගත කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ තරුණිය වසර කිහිපයකට පෙර දී මදුරාගොඩ ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර මව්පියන්ගේ උපදෙස් පරිදි එම ප්‍රේම සම්බන්ධතාව නවතා තිබේ.එයට පලිගැනීමක් ලෙස විවාහ මංගල උත්සවයට සූදානම් වෙමින් සිටිය දී මෙලෙස පරණ පෙම්වතා විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.
ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පලා ගිය සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිඳු කරන බව සඳහන්. තිබේ.














































