මහජන බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතන වලට අයත් ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් සෘජු හෝ වක්‍ර ඉල්ලීමක් කර නොමැති බව මහජන බැංකුව විසින් නිවේදනයක් නිකුත් කළ බව වාර්තා වේ. එමෙන්ම එවැනි කටයුත්තක් සදහා උපදෙස් ලබා දීමක් ද සිදු නොකළ බව එම නිවේදනයේ සදහන් කර තිබේ .
එමෙන්ම තම සේවාව විශිෂ්ට ලෙස ඉටු කිරීමට ඇප කැප වී සිටින බවත් , මහජන බැංකුව යනු අරමුණු තකා නොව දේශීය අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන බැංකුවක් බවත් මහජන බැංකුවේ අලෙවිකරණ දෙපාර්තමේන්තුව සදහන් කරන ලදී.















































