ඊයේ (22) දින රත්මලාන ප්‍රදේශයේ හෝටලයක් තුල දෙදෙනකු අතර ඇතිවූ බහිබස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඇතිවූ පිහි ඇනුමකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස පිහි ඇනුමකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ හෝටලයේ හිමිකරු බව පොලිසිය සදහන් කර තිබේ.
අනතුර හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා හොටෙල් හිමිකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇති බව වාර්තාවේ.
සිද්දිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කොට තිබේ.














































