කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙහි යකඩ සොරකම් කිරීමට ආධාර අනුබල දුන් යුද හමුදා සෙබළෙකු කන්කසන්තුරේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
යකඩ ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් සොරාගත් සැකකරුවන් පිරිසක් පොලිසිය විසින් පසුගිය (16) වනදා අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම යුද හමුදා සෙබළා ගැන අනාවරණය වූ බව සදහන්.
එලෙස අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළා අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බව සදහන්.














































