මාතර – ඌරුබොක්ක , බෙන්ගමුව පුහුල්හේන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ මැර කණ්ඩායමක් එහි සිටි මව,පියා ඇතුළු දරුවන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී පළාගොස් ඇති බවට වාර්තා වේ.
ඊයේ (26) රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා ඌරුබොක්ක ,හීගොඩ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ අතර එහිදී 51 හැවිරිදි මව සහ 13 හැවිරිදි පුතා වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහරෝහලට මාරුකර යවා තිබේ.
පහරදීම සදහා පැමිණි පුද්ගලයින් මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති අතර ඔවුන් හදුනාගැනීම සදහා පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබේ.














































