දියළුම ඇල්ල කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී තරුණ යුවලකට වන අලි ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවේ.
වන අලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේදීම මිය ගොස් තිබේ. තුවාල ලැබූ තරුණයා 1990 සුවසැරිය ගිලන්රථ සේවය ගෙන්වා රෝහල් ගත කොට තිබේ.
මෙම තරුණ යුවල දියළුම ඇල්ල ප්‍රදේශයේ රාත්‍රී කඳවුරු සංචාරයක් සදහා පැමිණ කූඩාරමක සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව සදහන්වේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 23 ක් වයසැති මාතර ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන අතර තුවාල ලැබූ තරුණයා 22 හැවිරිදි වාරියපොළ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම අනතුර සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































