දින කිහිපයකට පෙර මිය ගිය තලේබාන් ප්‍රාන්ත නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාගේ අනුස්මරණ උත්සවය පවත්වන අතරතුර ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක් අසළ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීමෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් , තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, එම තුවාල ලැබූවන් අතරේ පොලිස් නිලධාරියෙකුද සිටින බවත් සඳහන්.















































