ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යනය කිරීමට කඩිනමින් නව ආයතනයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහවැලි කේන්ද්‍රයේ පැවති රාජකීය ආසියාතික සංගමයේ 178 වන සැමරුමට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව , ජාතික කෞතුකාගාරය , සංස්කෘතික ත්‍රිකෝණය , විශ්වවිද්‍යාල සහ රාජකීය ආසියාතික සංගමය සම්බන්ධ ආයතන ස්ථාපිත කරන බවත් , නීති කෙටුම්පත අවසන් කිරීමට පියවර ගන්නා බවත් ජනපති එහිදී ප්‍රකාශ කරන ලදී.














































