පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සටහන් කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර ඊට එරෙහිව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විසින් අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.එම රිට් පෙත්සම සලකා බැලූ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හිටපු නීතිපති දප්පු ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව වාර්තා වේ.















































