දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකෙරෙන බවට නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම්දී ඇති බව වාර්තා වේ.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකළ රිට් පෙත්සම අද (15) සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මෙම දැනුම්දීම සිදු කළ බව සදහන්.














































