මාතර – ඌරුබොක්ක පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරියක් භාරයේ තිබූ දඩ පත්‍රිකා පොතෙහි 1සිට 50 දක්වා ඇති පිටු අතරින් පිටු 3ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහගේ උපදෙස් මත මෙම විමර්ශණය ක්‍රියාත්මක බව සදහන්.
මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව සදහන්.













































