හන්තාන අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් කැබලි 20ක් කොටස් කිරීමට ගෙන තිබූ තීරණය නතර කරමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති මධ්‍යම පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
මහනුවර නගරය 1993 වර්ෂයේදී උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දීමට සිදු වූ බවත් , ඊට ප්‍රධානම හේතුව කන්ද උඩරට පරිසර හානිය බවත් , ඉඩම් කට්ටි කිරීම සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කළ යුතු බවත් ඔහු සඳහන් කර තිබේ .














































