මුලතිව් , කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකර තිබූ ගේට්ටුවක් ගැලවී ඊට යට වීමෙන් අවුරුදු තුනක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම දරුවා ගේට්ටුවේ එල්ලී සෙල්ලම් කරමින් සිටිය දී ගේට්ටුව ගැලවී දරුවාගෙ ඇඟ මතට කඩා වැටී තිබේ. ඉන් තුවාල ලැබූ දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කේප්පාපිලව් ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
දරුවාගේ මෘත දේහය මේ වන විට මුලතිව් රෝහලේ තැන්පත් කර ඇති අතර , මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දරුවාගේ දෙමව්පියන් වෙත භාර දීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.