කැකිරාවේ පාසලක පැවති පිරිත් පිංකමක් අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු බව කියන එම පාසලේ සිසුන් 07 දෙනකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අද (27) අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
කැකිරාව නගරාසන්න ප්‍රදේශයක ප්‍රසිද්ධ ජාතික පාසලක පැවති පිරිත් පිංකමක් අතරතුරදී එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස කලහකාරි ලෙස හැසිරී ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
කලහකාරී ලෙස හැසිරී ඇති එම සිසුන් පිරිත් මණ්ඩපයටද පහරදී අලාභහානි සිදු කර ඇති බව සදහන්.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 11, 12 සහ 13, ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් බව පොලිසිය සදහන් කර තිබේ.














































