පළමු සමාලෝචනයෙන් පසුව IMF නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර ඇති බව වාර්තා වේ.
ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසුවය.
මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය මත, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254ක්, එනම් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් පමණ වෙත ප්‍රවේශය හිමිවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඩොලර් මිලියන 660ක් වනු ඇත.














































