ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇනවුමක් නොමැතිව කාන්තාවන් දෙදෙනෙකු මැලේසියාව වෙත සංචාරක වීසා මත යැවීමට උත්සාහ කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (16) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියකි.
අදාල කාන්තාවන් දෙදෙනා මැලේසියාවේ ගෘහ සේවයට යැවීම සඳහා ගුවන් තොටුපොළින් පිටත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පෙර පාසල් ගුරුවරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයකින් අනතුරුව පෙර පාසල් ගුරුවරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකාරිය හැටන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර ඇයට මෙම මස 18 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබේ.














































